ලබන වසරේ පෙබරවාරි 14 සිට 28 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ශූරතා කුසලානයේ මංගල තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව වෙත මාරු කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කරයි.
මෙම තීරණයත් සමඟ කණ්ඩායම් හයකින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග මුම්බායි හි ඉන්දීය ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී සහ වඩෝදර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය T20 ආකෘතියෙන් පැවැත්වේ.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙම තරගාවලිය සඳහා සහභාගී වේ. රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි 28 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට රජයේ මැදිහත්වීමක් සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගත් බවට වාර්තා වේ.
