වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී කිලෝ 12කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම වැටලීමේදී 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 3ක මුදලක් ද සොයාගෙන තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් සැකකරු විදේශයක සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධාන ජාවාරම්කරුවෙකුගේ සහායකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයින පුරා බෙදාහැරීමට සැකකරු උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version