රට තුළ කළු රාජ්‍යයන්ට හෝ නීති විරෝධී සමාන්තර බලවේගවලට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බේරුවල පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් රජයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙල ජනතාව වෙත පැහැදිලි කිරීම සඳහා ‘අපේ ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි’ මැයෙන් දිවයින පුරා ජන රැළි මාලාවක් ආරම්භ කර තිබේ.

මෙම ජන රැළි මාලාවේ සමාරම්භක අවස්ථාව බුලත්සිංහල ප්‍රදේශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ජාතික ජනබලවේගයේ මැති ඇමතිවරුන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.

බුලත්සිංහල රැළියෙන් අනතුරුව බේරුවල පැවති ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගි වූ අතර, එහිදී ජනතාවගෙන් ඔහුට උණුසුම් ප්‍රතිචාර හිමි විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version