ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳපොළ ප්‍රමුඛයකු වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම, සිය අලෙවි ජාලය තවදුරටත් පුළුල් කරමින් කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසලක් පසුගියදා විවෘත කරන ලදී.
මල්කඩුවාව වෙලගෙදර විද්‍යාලය අසල පිහිටා ඇති මෙම නව අලෙවි මධ්‍යස්ථානය මෙරට තුළ සියැට් සතු 14 වන SIS අලෙවිසල ලෙස ක්‍රියාත්මක වේ. මෙමගින් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට සමාගමේ උසස් තත්ත්වයේ ටයර් නිෂ්පාදන මෙන්ම වෘත්තීය මට්ටමේ වාහන සේවා ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම ව්‍යාපාරික කටයුතු සඳහා දිගුකාලීන හවුල්කාරීත්වයක් ඇති Sumidag ආයතනය දායක වී ඇත. 1986 වසරේදී ආරම්භ කරන ලද මෙම ආයතනය, සියැට් සන්නාමය සමඟ දශක තුනකට අධික කාලයක් පුරා අත්වැල් බැඳගෙන සිටින ප්‍රමුඛ පෙළේ අලෙවි හවුල්කරුවෙකි.
නවීන පහසුකම්වලින් සමන්විත මෙම අලෙවිසල තුළින් පාරිභෝගිකයන්ට විශේෂිත වට්ටම් යටතේ ටයර් මිලදී ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව රෝද පෙළගැස්ම, රෝද සමතුලිත කිරීම, නයිට්‍රජන් වායු පිරවීම මෙන්ම බැටරි සහ ඇලෝයි වීල් ආශ්‍රිත සේවාවන් ද මෙහිදී ලබාගත හැක.
වාහන සේවා කටයුතු සිදුවන අතරතුර පාරිභෝගිකයන්ට පහසුවෙන් රැඳී සිටීම සඳහා විශේෂිත විවේකාගාරයක් ද මෙම පරිශ්‍රය තුළ ඉදි කර තිබේ.
