පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමු කරන මහජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් නව දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව, පසුගිය 23 වන දින සිට ක්රියාත්මක වන පරිදි මෙම නව වට්ස්ඇප් (WhatsApp) අංකය හඳුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ අදාළ අයදුම්පත් සම්බන්ධ තොරතුරු සහ විමසීම් සිදුකිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව උදාවේ.
පොලිස් නිෂ්කාශන අංශය වෙත පණිවිඩ යොමු කිරීම සඳහා 071-8595950 යන අංකය භාවිතා කළ හැකි බව පොලිසිය දැනුම් දෙයි.
මෙම අංකය වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ සඳහා පමණක් සීමා වී ඇති බවත්, එමගින් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තම අවශ්යතා ඉටුකර ගැනීමට හැකි වනු ඇති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
