මුලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ප්‍රදේශයේ ආරක්ෂක අංශ භාරයේ පැවති අක්කර 6.97ක ඉඩම් ප්‍රමාණයක් නිල වශයෙන් නිදහස් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ඉඩම් කොටස් යුද හමුදාවේ 59 වන සේනාංකයේ නිලධාරීන් විසින් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති ඒ. උමාමහේශ්වරන් මහතා ද සහභාගී විය.

ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය නොවන ඉඩම් අදියරෙන් අදියර ජනතාව වෙත ලබා දීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගෙන ඇත.

ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වූ ආරක්ෂක අමාත්‍යාංශය, 59 වන සේනාංකාධිපති ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්වරයා සිය ස්තූතිය පළ කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version