ජාත්යන්තර සංගීත ක්ෂේත්රයේ ජනප්රිය ගායිකාවක වන මේගන් තී ස්ටැලියන්, සුප්රසිද්ධ ඉන්දීය නිළි ප්රියංකා චොප්රා පිළිබඳව විශේෂ අදහසක් පළ කර තිබේ. ඇය පවසන්නේ ප්රියංකා චොප්රා වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්මක වේදිකාව මත දැකීම තම අපේක්ෂාව බවයි.
ලොස් ඇන්ජලීස්හි පැවති වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්ම අතරතුර InStyle සඟරාව සමඟ පැවති සංවාදයකදී මේගන් මෙම අදහස් පළ කර ඇත. එහිදී එක් දිනකට වික්ටෝරියාස් සීක්රට් “ඒන්ජල්” කෙනෙකු ලෙස තෝරා ගැනීමට කැමති කවුරුන්දැයි විමසූ විට ඇය ප්රියංකා චොප්රාගේ නම සඳහන් කර තිබේ.
ප්රියංකාගේ රූමත් බව අගය කළ මේගන්, ඇය එම විලාසිතා සන්නාමයේ ඒන්ජල් තනතුරට ඉතාමත් සුදුසු බවත්, ඇය සැබවින්ම “සුපිරිම කෙනෙක්” බවත් වැඩිදුරටත් සඳහන් කළාය. ප්රියංකාට මීට පෙර එවැනි අවස්ථාවක් ලැබී තිබේද යන්න පිළිබඳව තමා නොදන්නා නමුත්, ඇයව එම වේදිකාවේ සිටිනු දැකීමට තමන් බෙහෙවින් කැමති බව ඇය අවධාරණය කළාය.
මේ අතර, ප්රියංකා චොප්රා ඉදිරියේදී එස්.එස්. රාජමෞලිගේ “Varanasi” චිත්රපටය හරහා යළිත් ඉන්දීය සිනමාවට එක්වීමට නියමිතය. මහේෂ් බාබු සහ ප්රිත්විරාජ් සුකුමාරන් ද රංගනයෙන් දායක වන මෙම චිත්රපටය ඇයගේ රසිකයන් අතර විශාල බලාපොරොත්තු තබා ඇති නිර්මාණයකි.
