රට තුළ පවතින ප්ලාස්ටික් කාඩ්පත් සහ මුද්‍රණ යන්ත්‍ර හිඟය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් දස ලක්ෂයක් සහ රියදුරු බලපත්‍ර ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නොහැකිව ගොඩගැසී ඇත.

මෙම තත්ත්වය මත මේ වන විට අයදුම්කරුවන්ට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.

කෙසේ වෙතත්, නොවැම්බර් මස මැද භාගයේදී නව මුද්‍රණ යන්ත්‍ර ලැබීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.

එම යන්ත්‍ර ලැබුණු පසු රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ධාරිතාව දෙගුණ කිරීමට සැලසුම් කර ඇත.

එමගින් ලබන වසරේ අප්‍රේල් මාසය වන විට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version