Browsing: Featured

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජය මහතා චෙන්නායි නගරයේ ලෝක මට්ටමේ ඔලිම්පික් නගරයක් සහ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග අසල සරුංගල් යැවීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාවයට බාධා ඇති වන බැවින් එම ක්‍රියාවලින් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ඉල්ලා සිටී.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිරි වසර දෙකක කාලය තුළ නව සුවතා මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව වෙත මාරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමේදී විනිවිදභාවය සහ මහජන විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගෙන දරුවන් මානසික පීඩනයට හෝ හිංසනයට ලක් කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණි.

මෑතකදී ඇති වූ දරුණු ග්ලැසියර් ගංවතුර ව්‍යසනයෙන් පසු, නේපාලය සිය චීන දේශසීමා ආසන්නයේ නවීන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.