Browsing: Featured

කොළඹ නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා අලුතින් මෙට්‍රෝ බස් රථ 121ක් එක් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

වාහන ආනයන තීරුබදු ඉහළ යාම හේතුවෙන් වාහන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.

මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩය යොමු කරමින් සමගිය සහ සහජීවනය පිළිබඳව අවධාරණය කර ඇත.

බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන් පාලනය කිරීම සහ රැඳවියන්ගේ සුබසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් යාපනය බන්ධනාගාරය කේන්ද්‍ර කර ගනිමින් නව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ආරම්භ කර තිබේ.

පැසිෆික් සාගරයේ ඇතිවන එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ජල සම්පතට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු වෙයි.

දිට්වා ආපදාවෙන් අර්ධ හානියට පත් කොලොන්නාව ආසනයේ නිවාස හිමියන් 3,552 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් බෙදා දීම පසුගිය දිනවල සිදු කෙරිණි.

ජාතික හැඳුනුම්පතක් නොමැති බව පවසමින් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 61 හැවිරිදි පුද්ගලයෙකුට පොලිසිය තුළදී අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිය ඔක්තෝබර් 13 දා සිට කොළඹදී පැවැත්වේ.

දක්ෂිණ, පිටත වටරවුම් සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.