පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය සැමට පොදු බවත්, වරදකරු වුවහොත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වුවද සිරගත වීමට සූදානම් විය යුතු බව වැවිලි හා සමාජ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන පරීක්ෂණ නීත්‍යානුකූල බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නීතිය ඉදිරියේ කිසිදු කොන්දේසියක් නොමැති බවත් සැකකරුවන්ට අධිකරණයේදී තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ඔවුන් දඬුවම් විඳිය යුතු බවත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පාස්කු ඉරිදා ප්‍රහාරය හුදෙක් ආගමික හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් පමණක් නොව, එය දේශපාලන හා බල අවශ්‍යතා වෙනුවෙන් වේදිකාගත කළ එකක් බවට චෝදනා කළේය. මෙම සිදුවීමට අදාළව ඉදිරියේදී ගන්නා නීතිමය පියවරයන් ඉතා බැරෑරුම් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව සහ ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පළවෙමින් පවතින පසුබිමක, අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version