දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළි සමන්තා රූත් ප්‍රභූ මව් පදවිය අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ නවතම චිත්‍රපටය වන ‘මා ඉන්ටි බංගාරම්’ හි සාර්ථකත්වය සැමරීමේ උත්සවයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ රසිකයින් අතර මෙම කතාබහ නිර්මාණය විය.
එම අවස්ථාවේදී සමන්තාගේ සැමියා වන රාජ් නිදිමෝරු ඇයගේ ආරක්ෂාව පිළිබඳව දැක්වූ විශේෂ අවධානය රසිකයින්ගේ අවධානයට ලක්ව තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇයගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ, සමන්තා මව් පදවිය ලැබීමට නියමිත බවයි.
වාර්තා වන පරිදි, ඇයගේ දරුවා 2026 වසරේ දෙසැම්බර් මාසයේදී මෙලොව එළිය දැකීමට නියමිතය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොයිම්බතූර්හිදී සමන්තා සහ රාජ් නිදිමෝරු විවාහ දිවියට එළඹි අතර, ඔවුන් දෙපළ පවුලක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත්, මේ පිළිබඳව සමන්තා හෝ ඇයගේ සැමියා විසින් මෙතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ නිල නිවේදනයක් නිකුත් කර නොමැත. සමන්තා රංගනයෙන් දායක වූ ‘මා ඉන්ටි බංගාරම්’ චිත්‍රපටය මේ වන විට සිනමාහල් තුළ සාර්ථක ලෙස ප්‍රදර්ශනය වෙමින් පවතී.
