Browsing: ලංකා ව්‍යාපාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 40කට අධික මුදලක් වංචා කළ 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක ආයතනයකට කඩා වැදුණු පිරිසක් රුපියල් කෝටි 6.5කට අධික වටිනාකමකින් යුත් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.

අතුරුගිරියේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයෙකු ගංගොඩවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

සාම විනිසුරුවරුන් සඳහා වන හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා අය කෙරෙන ගාස්තු පිළිබඳව අධික,ය අමාත්‍යාංශය දැනුම්දීමක් සිදු කරයි.

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන පොලිස්පති අභියෝගතා පාපැදි සවාරිය කොළඹින් ආරම්භ විය.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා රත්මලාන දුම්රිය අංගනය ආශ්‍රිතව නව පීලි පෑස්සුම් වැඩබිමක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය එක්ව සංවිධානය කරන ‘ඇට්ලස් ඒන්ජල් – II’ ද්විපාර්ශ්වික පුහුණු අභ්‍යාසය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ විය.

ජා-ඇල, පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.