Browsing: දිස්ත්‍රික්

2026 ලෝක සංචාරක සම්මාන උළෙලේදී ‘City of Dreams Sri Lanka’ ආසියාවේ ප්‍රමුඛතම නව නිකේතනය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී නිකේතනය ලෙස සම්මානයට පාත්‍ර විය.

විදෙස්ගතව සැඟවී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 67 දෙනෙකු යළි දිවයිනට ගෙන්වා ගැනීමට වත්මන් රජයට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුරෝපා සංගමයේ Global Gateway වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්මික හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා පසුගිය කාලසීමාව තුළ වාහන 167,569ක් බෙදාහැරීමට කටයුතු කර ඇති අතර ආනයනකරුවන් සඳහා විශේෂ සහන රැසක් ද හඳුන්වා දී තිබේ.

ඉංගිරිය, හඳපාංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නංවාලීම සඳහා යුරෝපා සංගමයේ සහාය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වේ.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාර ආනයනයේදී මතුව ඇති බාධක මගහරවා ගැනීමට විකල්ප රටවල් කිහිපයකින් තාර ගෙන්වීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවලදී පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික අංශවල ආයෝජනය සඳහා ලිතුවේනියානු පාර්ශ්වයට ආරාධනා කෙරිණි.

මැලේසියාවේදී Omoda 5 මෝටර් රථවල පසුපස රෝද ගැලවී යාමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ නිෂ්පාදක සමාගම විසින් එම රථ නැවත කැඳවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.